කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාවගේ ආත්ම ශක්තිය ඉහළ නැංවීම උදෙසා කැනේඩියානු ගුවන් හමුදාව විසින් රට පුරා සිදුකරන ප්‍රදර්ශනාත්මක ගුවන් සවාරියකට එක්ව තිබු ගුවන් යානයක් හදිසියේ අනතුරට ලක්ව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම අනතුරෙන් එම ජෙට් යානයේ නියමුවරිය වන කපිතාන් ජේන් කේසි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම එහි සිටි අනෙක් සහයක ගුවන් නියමුවරයා ද තුවාල ලබා ඇත.
ගුවන් තොටුපළෙන් ගුවන් ගතවී සුළු කාලයක් තුලදී මෙම ජෙට් යානය කඩා වැටුණු බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.
මෙම අනතුරෙන් මියගිය කපිතාන් ජේන් කේසී 2014 වර්ෂයේදී ගුවන් හමුදා සේවයට එක්ව තිබෙන අතර ඊට පෙර ඇය මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර තිබෙනවා.
ගුවන් යානය අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝව පහතින් :
http://www.cbc.ca/i/caffeine/syndicate/?mediaId=1739110467790