ආරක්ෂක ලේකම්වරයා පොතුවිල් මුහුදු මහා විහාරය වෙත අද ගොස් තිබෙනවා.
ඒ එහි ඉඩම් කොල්ලයක් ගැන පසුගියදා ඇතිවූ කතාබහෙන් පසුවයි.
අග්‍රාමාත්‍යවරයා පසුගියදා අදාළ අංශ වෙත දැනුම් දී තිබුණේ මෙම ඉඩම් ප්රශ්නය ගැන සියා බලන ලෙසයි .
ඒ අනුව නිලධාරීන් පසුගියදා එහි ඉඩම් වටකොට සවිකර තිබූ කම්බි කණුද ගලවා දැමුවා.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වලට එරෙහිව ක්‍රියා කරන බව අමාත්‍ය එස් එම් චන්ද්රසේනමහතා ඊයේ පැවසුවා.