ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල මේ දිනවල ආධාර වැඩසටහනක් නවතම ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ එහි මිලියන 1.2ක් වන බාහිර විදුලි බුබුලු වලට මිලක් නියම කරමින්.
ඩිරාම් 10ක් එනම් ඩොලර් 2.7කට මේ එක් බුබුලක් ආලෝකවත් කළ හැකි අතර ඉන් එරට ආර්ථික අපහසුතාවට පත් අයෙකුගේ කෑම වේලක් සපයා දිය හැකියි.
කොවිඩ්19 හේතුවෙන් එරට බොහෝ පිරිසක්ද අපහසුතාවට පත්ව සිටිනවා.
ඒ අනුව දින නවයක් තුල ආධාර මුදල් ලබා දැල්වූ විදුලි බුබුලු ප්‍රමාණයයි මේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ්19 ආසාදිත ගණන ලක්ෂ තුනකට ආසන්න අතර මරණ සංඛ්‍යාව 200කට අධිකයි.