ඡන්ද වියදම දෙගුණ වෙයි. මනාප අංක දීම දැනට නවතී

May 13, 2020 at 6:28 AM

මෙවර මහමැතිවරණයේ වියදම රුපියල් බිලියන 14ක් වනුඇතැයි ඊයේ පක්ෂ නියෝජිතයන් සමග කොමිසම කළ සාකච්ඡාවකදී හෙලිකෙරුණා.

එය සාමාන්‍ය ඇස්තමේන්තුව මෙන් දෙගුණයක්.

ඊයේ පක්ෂ 34ක නියෝජිතයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කලේ කොවිඩ්19 තත්ත්වය සමග ජුනි 20දාට දින නියම කර ඇති මහමැතිවරණය පැවැත්වීම ගැනයි

එහි දි මනාප අංක අපේක්ශකයින් වෙත ලබා දීම දැනට නැවැත්වීමට තීරණය වූ බව හෙලි වුණා.
කෙසේ වෙතත් මැතිවරණය කල්දැමීම ගැන මෙතෙක් තීරණයකර නැහැ.