TRCSL අනුමැතියෙන් වසරකට පසු Mobile Number Portability පහසුකමේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල ඇති මන්දගාමී බව නිසා ජංගම දුරකතන පරිශීලකයින් දැඩි කනස්සලෙන්

January 3, 2023 at 11:08 AM

ශමින්ද්‍රි කඩුපිටියගේ විසිනි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Mobile Number Portability පහසුකමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා නීත්‍යානුකූල අනුමැතිය ලබා දී වසරකට පසුව වුවද එම කටයුතුවල ඇති දැඩි මන්දගාමී ස්වභාවය හේතුවෙන් මෙරට ජංගම දුරකතන භාවිතා කරන්නන්ට සිය සන්නිවේදන සැපයුම්කරුවන් සමඟ සදාකාලිකව ඉවසිලිවන්තව කටයුතු කිරීමට සිදුවනු ඇති බවක් පෙනෙන්නට තිබේ.

2021 ඔක්තෝම්බර් මාසයේදී TRCSL විසින් MNP පහසුකම සඳහා නීත්‍යානුකූල අනුමැතිය ලබා දෙන ලදී. එසේ අනුමැතිය ලබා දී වසරකට පසුව වුවද එමගින් ලබා ඇති එකම ප‍්‍රගතිය වන්නේ මෙම MNP පහසුකම ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමේ වගකීම භාරගැනීම සඳහා සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ආයතනයක් පිහිටුවීම පමණි.

එහෙත් සාමාන්‍ය පාරිභෝගිකයෙකුට තම දුරකතන අංකය මාරු කිරීමේදී ඇති වන ප‍්‍රධාන අපහසුතා සහ ඒ සමඟ වන සියලූම ක‍්‍රියාමාර්ගවලින් තොරව තම සන්නිවේදන සේවා සැපයුම්කරු මාරු කිරීමට තවමත් හැකියාවක් නැත. මේ අතර, දිගුකාලයක් තිස්සේ බලා සිටින මෙම ප‍්‍රතිසංස්කරණ සඳහා ඕනෑම ආකාරයක කාල රාමුවක් සම්බන්ධයෙන් RCSL සහ විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රය කිසිවක් නොපැවසීම පුදුමයට කරුණකි.

MNP පහසුකම කාර්යක්ෂමව ක‍්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳව මේ වන විට මහජන මතයක් නොමැත. එවැනි විනිවිදභාවයක් නොමැතිකම නිසා පාරිභෝගිකයන් තම අංක මාරු කිරීමේදී ඔවුන්ව අධෛර්යමත් කරන කරදරකාරී යාන්ත‍්‍රණයක් ඇති කිරීමට එමගින් මග පෑදේ. එමෙන්ම එය වියදම් අපතේ යාමක් මෙන්ම කර්මාන්තයේ පවතින තත්වය ඵලදායි ලෙස පවත්වා ගැනීමට දරන උත්සාහයට එමගින් බලපෑමක් ද එල්ල විය හැකිය.

දිගු කලක් තිස්සේ බලා සිටි ප‍්‍රතිසංස්කරණ මේ වන විට ඇනහිට ඇති බව කර්මාන්තයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ද ප‍්‍රකාශ කර ඇත. මෙය, සන්නිවේදන සේවා සඳහා වන පිරිවැය අඩු කිරීමට ලොව පුරා පිහිටුවා ඇති ජනප‍්‍රිය ප‍්‍රමිතියක් වුවද විදුලි සංදේශ සේවා සපයන්නන් අතර වැඩි තරගකාරී බවක් ඇති කිරීම සඳහා මෙමගින් සාමාන්‍ය පාරිභෝගිකයින්ට වැඩි අවස්ථාවක් ලබා දෙයි.

MNP යනු තම සන්නිවේදන සේවා සැපයුම්කරු සමඟ අසතුටෙන් සිටින ජංගම දුරකතන පරිශීලකයින්ට ඔවුන්ගේ වත්මන් අංකය අහිමි කර නොගෙන වෙනත් ජාලයකට මාරු වීමට ඉඩ සලසන සේවාවකි. එසේ නොමැතිව, සැලකිය යුතු අපහසුතාවයකට පත් වුවද පාරිභෝගිකයෙකුට වඩා හොඳ සේවාවක් වෙත මාරු විය හැකි එකම මාර්ගය වන්නේ නව අංකයක් ලබා ගැනීමයි. එමගින් සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය හෝ දැරිය හැකි මිල කුමක් වුවත් බොහෝ දෙනෙකුට තම සන්නිවේදන සේවා සපයන්නා සමඟ අඛණ්ඩව ඵලදායී ලෙස රැඳී සිටීමට බල කෙරෙයි.

මෙරට විශාලතම සන්නිවේදන ජාල දෙක ඇතුළුව ශ‍්‍රී ලංකාවේ සියලූම සන්නිවේදන සේවා සැපයුම්කරුවන් පසුගිය වසරේදී MNP පහසුකම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය සාදරයෙන් පිළිගනිමින් ප‍්‍රකාශ නිකුත් කළ අතර, ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතාවය පිළිබඳව අඛණ්ඩව හඬ නඟා ඇත්තේ එයාර්ටෙල් ශ්‍රී ලංකා පමණි. MNP පහසුකම ක‍්‍රියාත්මක කිරීමේදී විශාලතම සන්නිවේදන සේවා සැපයුම්කරුවන්ට පළමුව ඉන් බලපෑමක් එල්ල වනු ඇති බව Fitch Ratings හි පෙර වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණි.

අනෙකුත් ආසියානු කලාපවල ක‍්‍රියාත්මක කර ඇති මෙයට සමාන MNP මත පදනම්ව, MNP කුඩා සන්නිවේදන සේවා සැපයුම්කරුවන්ට වෙළඳපලේ සිටින අනෙක් තරගකරුවන් සමඟ වඩාත් ඵලදායී ලෙස තරඟ කිරීමට MNP මගින් හැකියාව ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙරට ක‍්‍රියාත්මක සන්නිවේදන සේවා සමාගම් හතරම 5G සුදානමින් සහිතව ඔවුන්ගේ 4G ආවරණ ජාල කටයුතු වැඩිදියුණු කර ඇති නිසා MNP පහසුකම මගින් සන්නිවේදන සමාගම්වලට පරිශීලකයින් සමඟින් පෙර පැවති සබඳතා මත යැපීම වෙනුවට වටිනාකම් හා ගුණාත්මකභාවය මත පදනම්ව පරිශීලකයින් වෙනුවෙන් තරග කිරීමට විවෘත පරිසරයක් ලබා දෙනු ඇත.

විශේෂයෙන්ම දැඩි ආර්ථික පසුබෑමක් තුළ පාරිභෝගිකයින්ට ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා ගැනීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ ඉහළ යන උනන්දුව සැලකිල්ලට ගෙන, වෙළෙඳපොලේ හොඳම ප‍්‍රතිලාභ ලබා දෙන සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වෙත නිදහසේ යාමට පරිශීලකයින්ට අවස්ථාව ඇත. එහෙත් MNP ප‍්‍රතිසංස්කරණ දිගින් දිගටම ඇණහිටීම යන්නෙන් අදහස් වන්නේ පරිශීලකයින්ට ඔවුන්ගේ පුද්ගලික මූල්‍ය තත්වය සහ වැඩි කැමැත්ත අනුව වඩාත් ගැලපෙන වඩාත් හොඳ නිෂ්පාදන සහ දීමනාවලින් වාසි ගැනීමට අවශ්‍ය වුවද, හෝ වඩා විශ්වාසදායක ආවරණයක් ඇති ජාලයකට මාරු වීමට අවශ්‍ය වුවද, දැනට ක‍්‍රියාත්මක වන සමස්ත ව්‍යාපාර ආකෘතිය සැලසුම් කර ඇත්තේ ඔවුන් එසේ කිරීමෙන් ඔවුන්ව අධෛර්යමත් කිරීමට ය.

මෙවැනි අයහපත් ප‍්‍රතිඵල මගහරවා ගැනීම සඳහා රජයට සහ අදාල නියාමකයාට මෙම ප‍්‍රතිසංස්කරණවලට අඩු අවධානයක් ලබා දීමට නොහැකි බව පැහැදිලි කරුණකි. ඒ වෙනුවට, ඔවුන් මෙම තීරණාත්මක, පාරිභෝගික හිතකාමී ප‍්‍රතිසංස්කරණ සඳහා පැහැදිලි කාලසීමාවන්, කාල රාමු සැකසීමට ක්ෂේත‍්‍රය සමඟ ක‍්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය.