ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ මෑතකාලීන භාවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවධානය යොමුකරයි

November 3, 2022 at 12:05 PM

යුරෝපා සංගමයේ යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ හයවැනි ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය දා කොළඹ දී රැස්විය.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ දී යුක්තිය සහ සංහිඳියාව තුළින් සමාජ, ආර්ථික සහ දේශපාලන අංග ඇතුළත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යළි අවධාරණය කෙරිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2022 වර්ෂයේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ගත් පියවර යුරෝපා සංගමයේ ඇගයුමට ලක් වූ අතර, එහි බැඳීම්වලට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද  පෙන්වා දෙන ලදී.

මෑතක දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් බව එහිදී  ශ්‍රී ලංකාව විසින් තහවුරු කරන ලදී.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවා සිටින රැඳවියන් නිදහස් කරන ලෙස යුරෝපා සංගමය  ශ්‍රී ලංකාව දිරිමත් කළේ ය.

 

ජීඑස්පී+ අධීක්ෂණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳව ද ක්‍රියාකාරී කණ්ඩායම යාවත්කාලීන කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජීඑස්පී+ කැපවීම සම්බන්ධයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබන ලෙස යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව දිරිමත් කරන ලදී.