අරමුණ වුණේ ඉම්රාන් ඛාන් ඝාතනය කිරීම බව වෙඩික්කරු කියයි.

November 3, 2022 at 9:15 PM

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ට වෙඩි තැබුවේ ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් බව සිද්ධිය ට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයා පවසා තිබේ.

“ඔහු ජනතාව මුලා කරනවා, ඒ වරදට සමාවක් නෑ” යනුවෙන් වෙඩි ප්‍රහාරයෙන් පසු අත් අඩංගුවට ගත් සැකකරු පවසන වීඩියෝවක් එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ.

මෙම වෙඩිතැබීම සිදුවූයේ අද පස්වරුවේ ඉම් රාන් ඛාන් හිටපු අග්‍රාමාත්‍යවරයා කඩිනම් මැතිවරණයක් ඉල්ලා පැමිණි විරෝධතා පා ගමන අතරතුර පැවැති රැළියකදී ය.

ඒ ඉස්ලාමාබාද් අගනුවර ආසන්න නගරයකදීයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඉම්රාන් ඛාන් රෝහල්ගත කල අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තාවේ.

ඔහුගේ පාදයටවෙඩි වැදී තිබුණි.

වෙඩි තැබිම සඳහා දෙදෙනකු පැමිණ ඇති අතර එක් අයෙකු පිස්තෝලයක් ද අනෙක් පුද්ගලයා ස්වයංක්‍රීය ගිනි අවියක්ද රැගෙන පැමිණ  තිබේ.

දෙදෙනා ගෙන් එක් අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා අත් අඩංගුවට ගත් බව එරට මාධ්‍ය පවසයි.