149ක් හුස්ම හිරවී මියගිය දකුණු කොරියාවේ හැලොවීන් ඛේදවාචකය : (වීඩියෝ)

October 30, 2022 at 7:00 AM

හැලොවීන් යනු බොහෝ බටහිර රට වල සෑම වසරකම ඔක්තෝබර් 31 දින සැමරන උත්සව දිනයකි.
මේ වන විට එය ජාත්‍යන්තර උත්සවයක් බවට පත්ව තිබේ.

මෙම සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ පුරාණ සෙල්ටික් උත්සවයක් වන Samhain හි මිනිසුන් ගිනිදැල් දල්වා අවතාර පලවා හැරීම සඳහා නොයෙක් ඇඳුම් ඇදගෙන පැවැත්වූ උත්සවයක් හේතුවෙනි.

හැලොවීන් කොරියාවට එන්නේ කොරියානු යුධ සමයේ ඇමෙරිකානු හමුදා කොරියාවෙ මුල්බැස ගැනීමත් සමඟ පැමිණි බටහිර සංස්කෘතික ආක්‍රමණයත් සමගය.

සෙනසුරාදා රාත්‍රියේ මෙම ඛේදවාචකය සිදුවන්නේ මධ්‍යම සොවුල් හි ඊතෙවොන් නගර මධ්‍යයේය.

ඉතේවොන් හා යොන්සාන්-ගු හි සුවිසාල ජනකායක් එක් රැස් වීමෙන් හටගත් තෙරපුමෙන් අවම වශයෙන් පුද්ගලයින් 149 ක් මිය ගොස් 78 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

සෙනසුරාදා රාත්‍රී 10 ට පමණ හුස්ම ගැනීමේ අපහසුතා ඇති රෝගීන් පිළිබඳ වාර්තා ලැබීමට පටන්ගෙන තිබේ.

හුස්ම සිරවූ අයට ප්‍රථමාධාර දීමට සහන අංශ යුහුසුළු විය

මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 20 ට වැඩි තරුණයන්‍ වන අතර ගැටවර වියේ පසුවන විශාල පිරිසක් ද ඒ අතර වේ.

 

තුවාළ කරුවන්ගේ තත්ත්වය අනුව ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශිකයන් දෙදෙනෙකුද මියගොස් තවත් විදේශිකයන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව ද නිලධාරීන් තහවුරු කරයි.

යොංසාන් පොලිසිය පවසන්නේ සිද්ධියට “මත්ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා කිසිවක් තහවුරු කර නොමැති” බවයි.