මාතර වෙඩිතැබීමක් ,දරුවෙකු රෝහලේ,පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට

October 28, 2022 at 8:50 PM

මාතර තිහගොඩ ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට  යවා තිබේ.

ත්‍රිරෝද රථයකින් ළමුන් පස් දෙනෙකු ගමන් කරමින් සිටියදී පසුපසින් ආ තවත් ත්‍රිරෝද රථයක සිටිඅයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

සිද්ධිය ත් සමග නොසන්සුන් වූ ගම්වාසීන් පිරිසක් ද පොලිස් ස්ථානය අසලට රැස්වීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.