යූනියන් ඇෂුවරන්ස් ගනුදෙනුකරුවන්ට ‘ලයිෆ්ස්ටයිල් බෝනස්’ මගින් ත්‍යාග පිරිනමයි

October 25, 2022 at 3:58 PM

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන යූනියන්ඇෂුවරන්ස්, තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් අඛණ්ඩව තුන්වන වරටත්‘ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ .

මේ යටතේ, 2022 ජනවාරි 01 දින සිට 2022 මාර්තු 31 දින දක්වා වූකාලය තුළ ජීවිත රක්ෂණ මිලදීගත් ගනුදෙනුකරුවන් අතරින් ජයග්‍රාහකජයග්‍රාහිකාවන් 50 දෙනෙකු තෝරාගන්නා ලදි.

මේ සඳහා වූ දිනුම් ඇදීම2022 ජූනි මාසයේදී පැවැත්විණි.

මින් ප්‍රථම ස්ථානය හිමිකරගත්, හලාවතප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. අයි. ඩී. වාස් වෙත iPhone 13 Pro Max – 512GB උපාංගයක් හිමි වූ අතර, දෙවැනි ස්ථානය හිමිකරගත්අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි එස්. පී. වීරසිංහ වෙත iPad Air 2021 – 64GB (cellular & wi-fi), Apple Pencil 2nd Gen සහ Magic Keyboard උපාංගද,

තුන්වන ස්ථානය දිනූ යාපනය ප්‍රදේශයේ පී.පුෂ්පලතා වෙත අඟල් 55 Samsung ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්ද හිමිවිය.

මීට අමතරව තවත් ජයග්‍රාහකයන් පිරිසකට HP ලැප්ටොප්, නිවාඩුගතකිරීමට සිනමන් හෝටල් වෙතින් වවුචර්, අඟල් 43 ස්මාර්ට්රූපවාහිනී, Samsung A-series ස්මාර්ට් දුරකථන සහ Wireless charging සහිත UV Sterilizers ආදිය පිරිනමන ලදි.

ජයග්‍රාහකයන්ගේපහසුව වෙනුවෙන්, ඔවුන්ට ළඟම පිහිටි යූනියන් ඇෂුවරන්ස් ශාඛා වෙතින්මෙම ත්‍යාග ලබාගැනීමේ අවස්ථාව සලසා දීමට සමාගම කටයුතු කළේ.

“යූනියන් ඇෂුවරන්ස් සෑම විටම උත්සා කරන්නේ ගනුදෙනුකරුවන්වෙනුවෙන් හොඳම දේවල් තිළිණ කිරීමටයි.

අඛණ්ඩව වසර 3 ක් තිස්සේසාර්ථකව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අප ගනුදෙනුකරුවන්ටමෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට බෙහෙවින්ප්‍රයෝජනවත් වන ත්‍යාග පිරිනමනවා.

ශ්‍රී ලාංකික සිහිනය බලගැන්වීමසඳහා වන අපගේ ප්‍රතිඥාව තුළින් පන්නරය ලබන ලයිෆ්ස්ටයිල් බෝනස්වැඩසටහන, රක්ෂණයේ වටිනාකම අවබෝධ කරගැනීමටගනුදෙනුකරුවන් තවදුරටත් දිරිගන්වන වැඩසටහනක් ලෙස හැඳින්වීමටපුළුවන්.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ්ගෝම්ස් මහතා පැවසී .

‘ලයිෆ්ස්ටයිල් බෝනස් 2022’ ඔස්සේ ගනුදෙනුකරුවන්ට ත්‍යාගපිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. සෑම විටම ඔවුන්ට විශිෂ්ටතමඅත්දැකීමක් පිරිනැමීමට අප උත්සා කරනවා.

‘ලයිෆ්ස්ටයිල් බෝනස්යනු එම උත්සාහයේ එක් වැදගත් පියවරක්. ඉදිරියේදීත් මෙම අරමුණවෙනුවෙන් නිර්මාණශීලී නව ප්‍රවේශයන් භාවිතා කිරීමට අප කටයුතුකරනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන්ගුණරත්න මහතා පැවසී .

අනපේක්ෂිත අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දීමට අවශ්‍යමූල්‍යමය රැකවරණය තම ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වලසාමාජික සාමාජිකාවන්ට වෙත බාදෙ අතරම ඔවුන්ට ලයිෆ්ස්ටයිල්බෝනස් වැනි වැඩසටහන් හරහා ත්‍යාග පිරිනැමීමට යූනියන් ඇෂුවරන්ස්සමාගම දිගින් දිගටම කටයුතු කරනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ WP/GT/5609 යටතේ ලියාපදිංචි වී ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම, ලයිෆ්ස්ටයිල් බෝනස් වැඩසටහනක්‍රියාත්මක කිරීමේදී,

එවැනි වැඩසටහන් සමබන්ධයෙන් රජය මගින්නියම කර ඇති සියලුම අනුකූලතා අවශ්‍යතා සම්පූර්ණ කර තිබේ.

එමඅවශ්‍යතාවන්ට අනුව, මෙම දිනුම් ඇදීමේ ක්‍රියාවලියේ සම්පූර්ණ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක් සහ ස්වාධීන බාහිර නිලධාරීන් පිරිසක් විසින් එය අධීක්ෂණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි.

3,000 කට අධික කාර්ය මණ්ඩලයක්සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා Great Place to Work©ඇගයීමට පාත්‍ර වී ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රීලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතවෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණුකිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.