ජාතික සභාවේ , ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනා ගැනීමේ අනුකමිටුව රැස්වෙයි, සභාපති ධුරයට නාමල් රාජපක්ෂ .

October 7, 2022 at 8:54 PM

කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්විය.

 

 

අනු කමිටුවේ සභාපති ධූරය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසිනි.

එහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරයන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. එහිදී, රාජ්‍ය පරිපාලනය නවීකරණය කිරීම, සෞඛ්‍යය ප්‍රතිපත්ති නවීකරණය, අධ්‍යපන ප්‍රතිපත්ති නවීකරණය, ධීවර හා ආහාර ප්‍රතිපත්ති නවීකරණය, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති නවීකරණය, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති නවීකරණය කිරීමට සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනිම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් අනු කමිටුව හමුවට කැඳවීමට සාමාජික මන්ත්‍රීවරයන් එකඟ වූහ.

එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යමකාලීන යෝජනා දෙමසක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා තුන් මසක් ඇතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමටත් අනු කමිටු සාමාජිකයෝ එකඟ වූහ.