උසස්පෙල විභාගය ලබන වසරට කල් යයි. ශිෂ්‍යත්ව විභාගය ත් යළි කල් යයි

October 7, 2022 at 9:02 PM

ලබන දෙසැම්බර් මාසයේ මුල් සතියේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට තීරණය කර තිබේ.

සිසුන් ගෙන් සහ විවිධ පාර්ශ්ව වෙතින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දා පැවැත්වෙන අතර, උසස්පෙල විභාගය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි 23 දායි.