ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමයෙන් ඇමෙරිකාව ට යාම සඳහා අයදුම්පත් කැඳවයි.

October 5, 2022 at 8:45 AM

අද සිට නොවැම්බර් අට වැනිදා දක්වා මෙම වසර සඳහා ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයි ක්‍රමය සඳහා අයදුම්පත් භාර ගැනේ.

මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්‍යාලය පවසන්නේ ඒ සඳහා පහත දැක්වෙන සබැඳිය  (link) හරහා අයදුම් කළ හැකි බවයි.

ග්‍රීන් කාඩ් අයදුම්පත් මෙතැනින්

විවිධ පාර්ශ්වයන් මේ සඳහා මුදල් අයකරගෙන අයදුම් කරන බවද දැනගන්නට ලැබෙන නමුත් අයදුම් කිරීමට ඇති එකම ක්‍රමය අදාල වෙබ් අඩවියට පිවිසීම පමණකි.

එමෙන්ම එය සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදුකෙරෙන අතර කිසිදු අයදුම්පතක් කඩදාසි ලෙස භාර නොගැනේ.