යූනියන් ඇෂුවරන්ස් වසරේ ප්‍රථම මාස හයේ මූල්‍ය ප්‍රතිඵල අතින් ඉදිරියෙන්

September 29, 2022 at 10:42 AM

2022 වර්ෂයේ ප්‍රථම මාස 6 තුළද සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගනිමින්, මෙරට ඉහළ කාර්ය සාධනයක් සහිත ජීවිත රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී තිබේ.

අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවුවද සමාගම ප්‍රධාන අංශ කිහිපයක් අතින් කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී ඇත.

2022 ජූනි මස 30 දිනෙන් අවසන් වන මාස 6 සඳහා වන අන්තර්වාර මූල්‍ය ප්‍රකාශයට අනුව, දළ වාරික එකතුව සහ බදු-පෙර ලාභය යන දර්ශක වල සිට ආයෝජන ආදායම සහ පියවන ලද හිමිකම් මුදල් ඉල්ලීම් වැනි දර්ශක දක්වා ප්‍රධාන මානයන් සියල්ලටම අදාළව පැහැදිලි ප්‍රගතියක් වාර්තා කරගැනීමට යූනියන් ඇෂුවරන්ස් සමත් වී තිබේ.

සමාගමේ දළ වාරික එකතුව, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 6.54 ට සාපේක්ෂව රු. බිලියන 7.52 දක්වා 15% කින් වර්ධනය වී තිබේ. සාමාන්‍ය නව ව්‍යාපාර වාරික වල සහ අලු‍ත් කරන ලද රක්ෂණ වාරික වල ද්විත්ව-ඉලක්කම් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් 5 අතරින්, සාමාන්‍ය නව ව්‍යාපාර වර්ධනයේ අනුපාතය අතින් දෙවන ඉහළම අනුපාතය (8%) වාර්තා කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය. මෙය ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට වඩා පැහැදිලි ලෙසම ඉහළ අගයකි.

අලු‍ත් කරන ලද රක්ෂණ වාරික සම්බන්ධයෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් පහ අතර දෙවැනි ඉහළම අගය වන 18% වාර්තා කිරීමට සමාගමට හැකි වී ඇති අතර මෙයද මෙය ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටමට වඩා පැහැදිලි ලෙසම ඉහළ අනුපාතයක් වේ.

සමාගමේ ශුද්ධ වාරික එකතුව, රු. බිලියන 6.1 සිට රු. බිලියන 7 දක්වා වර්ධනය වී ඇත. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් තනි වාරික රක්ෂණ අලෙවිය හේතු වී තිබුණද යූනියන් ඇෂුවරන්ස් සමාගමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ දීර්ඝකාලීන ජීවිත රක්ෂණ ය.

වසරේ ප්‍රථම මාස 6 තුළ යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් පියවන ලද හිමිකම් මුදල් ඉල්ලීම් වල වටිනාකම රු. බිලියන 2.2 ක් වන අතර, මෙය පසුගිය වසරේ වාර්තා වූ රු. බිලියන 1.8 සාපේක්ෂව 22% ක වර්ධනයකි.

පෙර වසරේ අදාළ කාලසීමාව තුළ රු. මිලියන 462 ක් වූ බදු පෙර ලාභය මෙම වසරේදී 33% ක් වැනි ඉහළ අනුපාතයකින් වර්ධනය වී, රු. මිලියන 614 ක් ලෙස සටහන් වී තිබේ. බදු-පසු ලාභයද රු. මිලියන 402 සිට රු. මිලියන 480 දක්වා වර්ධනය වී ඇත. මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ ආයෝජනය ආදායම ඉහළ යාම, මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු වී තිබේ.

ශුද්ධ ආයෝජන ආදායම රුපියල් බිලියන 2.64 සිට රුපියල් බිලියන 3.13 දක්වා 19% කින් වර්ධනය වී ඇති අතර, ඉහළ පොලී අනුපාත සහ ආයෝජන ක්‍රමෝපායේ සාර්ථකත්වය මීට බලපා ඇත. සමස්ත ශුද්ධ ආදායම රු. බිලියන 9.10 සිට රු. බිලියන 9.47 දක්වා සුළු වශයෙන් වර්ධනය වී තිබේ.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසුවේ, සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි.

දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පවා සමාගම සාර්ථක ක්‍රමෝපායක් අනුගමනය කරමින් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට සමත් වී ඇති බවත්, මෙම සාර්ථකත්වය වෙනුවෙන් සමාගමේ සාමාජික සාමාජිකාවන් සියලු‍ම දෙනාට තම ස්තූතිය පළකර සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

“සමාගමේ සාර්ථකත්වයට සාධක කීපයක් බලපා තිබෙනවා. පාරිභෝගික-කේන්ද්‍රීය ක්‍රමෝපාය, තත්ත්වයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, සහ ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමේ හැකියාව සහිත නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම ආදිය ඒ අතරින් ප්‍රධානයි.

ශ්‍රී ලාංකික සිහිනය සවිබල ගන්වන අතරම ජීවිත පෝෂණය කරන නවෝත්පාදන විසඳුම් දිගින් දිගටම හඳුන්වා දීමට අප කටයුතු කරනවා.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

“සමාගමේ ක්‍රියාශීලී ක්‍රමෝපායික මූල්‍ය කළමනාකරණය, වසරේ පළමු අර්ධයේ කාර්ය සාධනය සඳහා අතිශයින් වැදගත් වුණා. පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශක වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන්නේ ඒ නිසයි. ශක්තිමත් සහ ස්ථාවර මූල්‍යමය අඩිතාලමක් අප සතුව තිබෙනවා.

ඒ වගේම අඛණ්ඩව දියුණුව කරා යාමට අවශ්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් සහ ක්‍රියාවලි අප සතුයි.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය.

එමෙන්ම සමාගමේ මෙහෙයුම් ලාභය රු. මිලියන 387 සිට රු. මිලියන 521 දක්වා 35% කින් වර්ධනය වී ඇති බවද ආශා පෙරේරා මහත්මිය පෙන්වා දුන්නා ය. සමාගමේ කොටසක් සඳහා ඉපැයුම රු. 0.68 සිට රු. 0.81 දක්වා ඉහළ ගොස් තිබේ.

අතීතයේ සිටම යූනියන් ඇෂුවරන්ස් සමාගම සිය සේවා විශිෂ්ටත්වය, ඉහළම තලයේ රක්ෂණ විසඳුම් සහ තාක්ෂණික හැකියාවන් සම්බන්ධයෙන් විශාල ඇගයීමකට ලක්වී ඇත.

පවුලේ ආදායම් රැකවරණය, සෞඛ්‍ය වියදම්, විශ්‍රාම ජීවිතය, අධ්‍යාපනය සහ ආයෝජන යන ප්‍රධාන අංශ වලට අදාළව සමාගම මේ වනවිට රක්ෂණ සැලසුම් රැසක් හඳුන්වා දී තිබේ.

සමාගමේ පුරෝගාමී හඳුන්වා දීමක් වන ක්‍කසජනකසfැ ඩිජිටල් සේවා එකතුව මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට සමත් වී ඇත.

සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වෙනුවට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රක්ෂණ මිලදී ගැනීම, රක්ෂණ සම්බන්ධ සේවාවන් ලබාගැනීම සහ හිමිකම් මුදල් ඉල්ලීම් ඉදිරිපත් කිරීම ආදිය සිදුකිරීමට එමගින් අවස්ථාව ලැබෙන අතර, සෞඛ්‍යය හා ජීවන රටාවන් සම්බන්ධ තවත් ප්‍රතිලාභ රාශියක්ද ඊට ඇතුළත් ය.

ක්‍කසජනකසfැ ්චච යනු මෙරට ජීවිත රක්ෂණ සම්බන්ධ සේවාවන් ලබාගන්නා ක්‍රමවේදය මුළුමනින්ම වෙනස් කළ හඳුන්වා දීමකි. එමගින් ගනුදෙනුකරුවන්ට ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක සිට තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබේ. එයට ඇතුළත් කර ඇති තවත් පුරෝගාමී විශේෂාංගයක් වනිඨැඑ ත්‍සඑ’ පරිශීලකයන්ට ශරීර සුවතාව පවත්වාගැනීම ඔස්සේ නිරෝගී ජීවිතයක් ගතකිරීමට උපකාරී වෙයි.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම,ිසේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරාිඨරු්එ ඡක්ජැ එද උදරන©’ ඇගයීමට පාත්‍ර වී ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම ඵෘඍඔ සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.