කොකේන් ජාවාරමක් ගුවන් තොටුපලේ දී කොටුවෙයි.

September 29, 2022 at 6:28 AM

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් උගන්ඩාවේ සිට දෝහා හරහා ශ්‍රීලංකාව ට පැමිණි 43 හැවිරිදි උගන්ඩා ජාතික පුද්ගලයෙකු උදරයේ සඟවා ගෙන කොකේන් තොගයක් මෙරටට රැගෙන ඒමට දැරූ උත්සහයක් ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් වළක්වන ලදී.

 

කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ ගේට්ටුව අසලදී දී නවතා ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකය මත මගීන් පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් ඔහුව පරීක්ෂාවට ලක් කෙරිණ.
එහිදී උදරයේ සඟවා තිබෙන සැක කටයුතු ගුලි ගණනාවක් රේගු නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලදී.

වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී සැකකරු තම උදරයේ කොකේන් අඩංගු ගුලි තොගයක් ඇති බව මෙම උගන්ඩා ජාතිකයා පිළිගෙන තිබේ .

ඒ අනුව රේගු නිලධාරීන් විසින් ගුලි 17 ක් සැකකරු ගේ ශරීරයෙන් ඉවතට ගනු ලැබූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 12ක් පමණ වේ.

මූලික විමර්ශන වලින් අනතුරුව ඉතිරි මත් ද්‍රව්‍ය අඩංගු ගුලි ඉවතට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ සොයා ගත් මත් ද්‍රව්‍ය තොගය රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.