නව ගෑස් සිලින්ඩර් බෙදා හැරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම ගත් තීරණය

September 22, 2022 at 10:45 AM

දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ, විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දී ඇති ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට සිටින තම ඥාතීන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර් සඳහා ඇණවුම් ලබා දීම හේතුවෙන්.

රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ ජනතාව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇති බවයි.