පේරාදෙණියේ නවක වද සිද්ධිය ගැන තදින් ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

September 21, 2022 at 8:35 PM

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වද සිද්දියට අදාල සිසුන් මේ වනවිට පංති තහනමකට ලක්කර තිබෙන අතර ඉදිරියේදී ඔවුන්ට සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පවසයි .

අපි බොහොම අමාරුවෙන් විශ්වවිද්‍යාලය ආරම්භ කලා. ආරම්භ කරපු සතියෙම අවාසනාවන්ත සිද්ධි දෙකක් වාර්තා උනා

එකක් වවුනියාවේ ,අනෙක පේරාදෙණිය කලා පීඨයේ.

මගේ මතයනම් විශ්වවිද්‍යාලය වලට දේශපාලකයින් ඇගිලි ගැසිය නොවිය යුතුයි

මගෙන් දෙමාපියන් කතාකරලා අහනවා ලමයින් විශ්වවිද්‍යාල වලට එවන්න පුලුවන්ද කියලා.
ඒක අහන්න ඔවුන්ට අයිතියක් තියෙනවා

අපි විශ්වවිද්‍යාලය සියල්ල මානව නිදහස තියෙන තැනක් කරනවාමයි

5% කට 3% කට මේක නැතිකරන්න දෙන්න බෑ

රටේ තියෙනවා නීතියක්

මම උපකුලපතිවරුන්ගෙන් ඉල්ලනවා රටේ තිබෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා

හෙට දවල් අධ්‍යාපන ලේකම් පොලිස් පතිවරයා ඇතුලු පිරිසක් හමුවෙනවා

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා එක්ක කතාකරනවා පංති තහනමෙන් ඔබ්බට ගිහින් විශ්වවිද්‍යාල තහනම් කරලා රජයේ රැකියාවක් කරන එකත් තහනම් කරන්න “

අමාත්‍යවරයා පැවසීය.