කුකුල් මස් සඳහා මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

September 19, 2022 at 11:21 AM

සම සහිත ශීත කළ කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අද සිට අලෙවි කරන බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

අඛණ්ඩව කුකුළු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයින් රැස්වී සාකච්ඡා කරන බවයි සමස්ත ලංකා කුකුළු නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ.

ප්‍රධාන වශයෙන්ම සත්ත්ව ආහාර ලැබුණොත් කුකුළු නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි බව ඔහු පවසා සිටියා