ආනයනික සහල් සම්බන්ධයෙන් නිවේදනයක්

September 18, 2022 at 9:46 PM

මේවනවිට වෙළදපොළේ පවතින ආනයනික සහල් තොග පිළිබද කිසිදු පරීක්ෂණයක් තවමත් සිදු කර නොමැති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය පවසනවා.

එමනිසා දැනට වෙළදපොලේ පවතින ආනයනික සහල් තොගවල විෂ රසායන පවතිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැක්කේ ඒ පිළිබදව පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවයි වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර ප්‍රකාශ කළේ.

වෙළදපොළේ පවතින ආනයනික සහල්වල විෂ රසායනික අඩංගු බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා මෙම අදහස් පළ කළා