විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සේවා බිඳ වැටෙයි

September 16, 2022 at 8:10 AM

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, නැවත දැනුම් දෙන තුරු, අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව යි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටවෙනු ඇති.