රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබා වෙනත් රැකියාවල නියැලීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

September 16, 2022 at 10:13 AM

රජයේ නිලධාරීන්ට වැටුප් රහිත දේශීය නිවාඩු ලබාගෙන සිය රැකියාවෙන් බැහැරව වෙනත් රැකියාවක හෝ කාර්යයක නිරත වීමට අදාල චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින්.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ වසර පහක උපරිම කාලයකට යටත්ව දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකියි. එමගින් රාජ්‍ය නිලධාරීන්ගේ ජ්‍යේෂ්ඨත්වයට හා වැටුපට හානියක් නොවන බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ. මේ වන විට ද්විතීය පදනම මත නිවාඩු ලබාගෙන සිටින නිලධාරීන්ට මෙම වැටුප් රහිත නිවාඩුව එම කාලය ද ඇතුලත්ව උපරිම වසර පහක කාලයක් දක්වා ලබා ගත හැකි වනවා.