විහාරාධිපති හිමිනමගේ ඝාතනයට සැකපිට ඩුබායි යන්න හැදු තවත් හිමිනමක් අත්අඩංගුවට

September 15, 2022 at 1:38 PM

සීදුව, වෑත්තෑව විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරස්ථානයේම වැඩවිසූ තවත් හිමිනමක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඩුබායි බලා පිටත්ව යෑමට සුදානම්ව සිටියදී 18 හැවිරිදි සැකකාර හිමිනම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි
පොලීසිය සඳහන් කළේ.

සීදුව වෑත්තෑවේ විහාරස්ථානයක නායක ස්වාමීන්වහන්සේගේ මළ සිරුර උන්වහන්සේ වැඩ සිටි කාමරයේ තිබී ඊයේ පස්වරුවේ සොයා ගැනුණා. අපවත් වූ නායක හිමියන්ගේ වයස අවුරුදු 50 ක්.

එම අවස්ථාවේ විහාරස්ථානයේ කිසිවෙකු නොසිටි අතර නායක හිමියන් වැඩ විසූ කාමරයේද ඉබි යතුරු දමා වසා තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

විහාරස්ථානයේ තවත් හිමිනමක් වැඩසිට ඇති අතර එම හිමියන් පසුව අතුරුදන්ව සිටි බවයි පොලීසිය පැවසුවේ. විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් ද අතුරුදන්වී තිබුණා.