පුරප්පාඩු කිහිපයකට දිගු පෝලිමක්. ඇමතිටත් මැදිහත් වෙන්න සිදුවෙයි

September 15, 2022 at 3:46 PM

කටාර් එයාවේස් ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ උද්ගත වී තිබූ ගැටලු කාරී තත්ත්වය ට මැදිහත් වීමට විදේශරැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ද සිදුවිය.

ඒ අනුව ඔවුන් අද සූදානම් කර තිබුණු සම්මූඛ පරීක්ෂණය වඩාත් විධිමත් සහ ඵලදායී ලෙස සැලසුම් කර දෙන්නට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔවුන් අද මෙම සම්මුඛ පරීක්ෂණය සූදානම් කර තිබුණේ කිසිදු පූර්ව අනුමැතියක් හෝ අවසරයක් ලබා ගැනීමකින් තොරවයි.

මේ නිසා එහි නෛතිකභාවය පිළිබද ගැටලුවක් තිබීම හේතුවෙනුයි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණේ. මේ නිසා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇතුළු අනෙකුත් ආයතන ඉතා කඩිනමින් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය අවසරය සහ අනුමැතීන් ලබා දෙන්නට කටයුතු කළා.

සීමිත පුරප්පාඩු කිහිපයක් සදහා ඔවුන් අද සූදානම් කර තිබූ සම්මුඛ පරීක්ෂණයට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් පන්දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියා. මේ නිසා එතැන නිර්මාණය වෙලා තිබුණේ තරමක උණුසුම් වාතාවරණයක්.

ඒ අනුව ඉතා කඩිනමින් අදාළ ආයතනයට පැමිණ සිදු ව ඇති තත්ත්වය පිලිබද සොයා බැලුවා.

-අමාත්‍ය මනුෂ නානායක්කාර


ඒ අනුව කටාර් එයාවේස් ආයතනයේ දැනට පුරප්පාඩුව පවතින් සියලු ම රැකියා අවස්ථාවන් සදහා මෙරට අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට ඔවුන් එකඟ වී ඇත.

කටාර් එයාවේස් ආයතනයේ ඉදිරියේ දී ඇතිවෙන පුරප්පාඩු පිරවීමේ දී අපේ රටේ අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබා ගැනීමට හැකිව තිබේ.