අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

September 15, 2022 at 2:54 PM

එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරනු ලබන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ හේතුවෙන් එළඹෙන සඳුදා දිනය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී සිටිනවා.