ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාවක් කෙටුම්පත් කෙරේ. රටවල් හතකින් අනුග්‍රහයක්

September 14, 2022 at 8:44 AM

මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම කෙටුම්පත් යෝජනාව මේ වනවිට අවසන් අදියරේ පවතින බව ජිනීවා නුවරින් වාර්තා වේ.

මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය ,කැනඩාව ,ඇමෙරිකාව ,ජර්මනිය, උතුරු මැසිඩෝනියාව ,මලාවි සහ මොන්ටිනීග්‍රෝවයි.

එම කෙටුම්පතේ දක්වා ඇත්තේ ශ්‍රීලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරනබවයි.

දූෂණය වැළක්වීම, මානව හිමිකම් කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයින් ගේ ආරක්ෂාව ද එහි අවධානය ට අක් කර තිබේ.

කෙසේ වෙතත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජ්ය ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක් ව රජය ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගෙන ඇති පියවරද එහි සලකා බලා ඇත.

එම යෝජනාව මගින් අවධාරණය කෙරෙන්නේ මෙරට මානව හිමිකම් තත්ත්වය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලබන ජිනීවා සැසිවාර තුනකදී කරුණු පැහැදිලි කිරීමට මානව හිමිකම් මහකොමසාරිස් වරයාට බලය ලබා දිය යුතු බවයි.

ඒ සඳහා ලක් රජය සමග කටයුතු කිරීමට මෙන්ම අවශ්‍ය සහය ලබාදීමට එකඟතාවන් ඇති කිරීමද එමගින් යෝජිත වේ.