මිල්කෝ ආයතනයේ මහ පරිමාණ ඉන්ධන ජාවාරමක්

September 14, 2022 at 1:27 PM

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩිසල් වංචාවක් සම්බන්ධයෙන් එහි සභාපති රේණුක පෙරේරා විසින් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර දැනුම්වත් කර තිබෙනවා.

2021 වර්ෂයේ සිට මෙම ආයතනය තුළ මෙම ඉන්ධන වංචාව සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවට සභාපතිවරයා තොරතුරු දැනුම් දී ඇති අතර එහිදී ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පුද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇති බව ද අවධාරණය කර ඇත.

මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇතත්, මෙම වංචාවට සම්බන්ධව බවට දැනට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බව සභාපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂය තුළ දීත් සිදු වී ඇත්ද යන්න සම්බන්ධව පුළුල් විමර්ශනයකින් සොයා බලන්නැයී අමාත්‍යවරයා විසින් මිල්කෝ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත.