තාවකාලික රියදුරු බලපත්‍ර හිමි රියැදුරන්ට දැනුම් දීමක්

September 14, 2022 at 11:07 AM

මාස 6ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කාලය දීර්ඝ කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍ර ලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇණවුම් කර ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බවයි.