ආසියානු කුසලානය දිනා පැමිණි ක්‍රිකට් සහ දැල් පන්දු කණ්ඩායම් දෙකට උණුසුම් පිළිගැනීමක් (VIDEO)

September 13, 2022 at 8:32 AM

ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැගත් රථ පෙරහැර කොළඹ බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

විශේෂ බස් රථ දෙකකින් කොළඹ බලා පැමිණෙන එම කණ්ඩායම් දෙකේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට, මාර්ගය දෙපසට පැමිණ සිටින ජනතාව සුබ පැතුම් එක්කරමින් සිටියි.

ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් සහ දැල් පන්දු කණ්ඩායම් දෙක අද අලුයම දිවයිනට පැමිණියා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් උඩරට, පහතරට සහ ඉන්දියානු බෙර වාදන සහ නර්තන මධ්‍යයේ පිළිගනු ලැබූවා.