අලුතින් ඉදිවන අරගල භූමියේ සැලසුම

September 13, 2022 at 3:10 PM

 

නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක් තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පාවෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදිවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පවසයි .


කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමුවී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම් හා සාකච්ඡා කළ හැකි ස්ථානයක් එහි තරුණ තරුණියන් වෙනුවෙන් සැකසෙනු ඇති බවද ඔහු සඳහන් කළේ ය.

ඊට අමතරව චිත්‍ර ප්‍රදර්ශන, සංගීත උත්සව පැවැත්විය හැකි ස්ථාන මෙන්ම ආපන ශාලා මෙහි ඉදි කෙරේ .


මෙය තරුණ තරුණියන්ට තම දක්ෂතාවලට ආර්ථිකමය වටිනාකමක් ලබාගත හැකි ස්ථානයක් වන අතර ඊට අදාළ සේවා පහසුකම් රජයෙන් ලබාදීමට කටයුතු කරන බවද සාගල රත්නායක  මහතා කියා සිටියේය.

ඊට අදාළ සැලසුම කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම සැලසුම සම්බන්ධයෙන් අරගලයේ නිරත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා  සමඟ කළ සාකච්ඡාවේදී ඊට ඔවුන්ගේ කැමැත්ත පළ වූ බවත් සාගල රත්නායක මහතා වැඩිදුරටත් කීවේය.