6 වෙනි වරටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගනියි

September 12, 2022 at 12:10 AM

පාකිස්ථාන පිල ලකුණු 23කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලානය ජයග්‍රාහණය කිරීමට සමත් වුවා.

ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය දිනා ගනු ලැබුවේ වසර 07කට පසුව වීමද විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනු පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම් ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

නියමිත පන්දු වාර 20 අවසානයේදී ශ්‍රී ලංකා පිල කඩුළු 6ක් දැවී ලකුණු 170ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 45කදී නොදැවී ලකුණු 71, වනිදු හසරංග ලකුණු 36ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14ක් රැස් කරගනු ලැබුවා.

ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි පාකිස්ථාන පිතිකරුවන් සියලු දෙන දැවී පන්දු වාර 20 අවසානයේදී ලකුණු 147ක් ලබා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිලේ නවක වේග පන්දු ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ලකුණු 34 කට කඩුළු 4ක්, වනිදු හසරංග ලකුණු 27 කට කඩුළු 3ක් දවා ගනු ලැබුවා.

අවසන් මහ තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂ ද තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග සම්මාන ලැබුවා.