රජ වූ පළමු දා ම සංවේදී වූ චාල්ස් රජු.

September 10, 2022 at 5:09 AM

සිය මවගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් චාල්ස් කුමරු ඊයේ රාත්‍රියේ ස්කොට්ලන්තයේ සිට බකිංහැම් මාලිගය දක්වා යලි පැමිණියේය.

ඒ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් නිල වශයෙන් හමුවීම සහ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව ජාතිය ඇමතීම සඳහායි.

එලෙස පැමිණි තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට ජනතාව විසින් තබා තිබූ මල් කළඹ සහ පණිවුඩ කියවා සංවේදී විය.

අනතුරුව ඔහු ජාතිය ඇමතුවේද සිය ආදරණීය මවගේ සේයාරුවක් පසෙකින් තබාගනිමිනි.