කිරුළේ උරුමය බෙදී යන අයුරු

September 10, 2022 at 2:36 PM

දෙවැනි එලිසබෙත් මහරැජණ අභාවය ට පත්වීමත් සමග චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ලබා ඇති අතර ඔහු තවත් වසරකින් මෞලි මංගල්‍යය පවත්වා රාජ්‍යත්වයට පත්වීමට නියමිත ය.

ඔහු අභිශේක ලැබුවේ 1969 වසරේ වන අතර රාජ්‍යත්වයට පත්වන්නේ ඉන් වසර 53 කට පසුවයි.

මේ සමග බ්‍රිතාන්‍ය රජකිරුලේ උරුමය බෙදී යන අයුරු සම්බන්ධයෙන් බොහෝ දෙනා උනන්දුවක් දක්වයි.

මෙලෙස තුන්වන  චාල්ස් රජු ගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට සුදුසුකම් ලබන්නේ විලියම් කුමරු හෙවත් රජු ගේ වැඩිමහලු පුත්‍රයායි.

හතලිස් හැවිරිදි ඔහු කලින් හැඳින්වුණේ කේම්බ්‍රිජ් හි ආදිපාද ලෙස වුවත්, දැන් ඔහු කේම්බ්‍රිජ් සහ කෝන්වෝල් ආදිපාද වරයා ලෙස හැඳින්වේ.

කේට් කුමරිය කේම්බ්‍රිජ් සහ කෝන්වෝල් ආදිපාද වරියයි.

විලියම් කුමරු ගේ ඇවෑමෙන් රාජ්‍යත්වය පැවරෙන්නේ ඔහුගේ දෙටු පුත්‍රයා වෙතයි.

විලියම් ආදිපාද වරයාට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු සිටින අතර පිලිවෙලින් රාජ්‍යත්වයේ සුදුසුකම ඔවුන් අතර බෙදී යයි.

ඒ ජෝර්ජ් කුමරු , චාලට් කුමරිය සහ ලුවිස් කුමරු යි.

චාල්ස් රජුගේ කණිටු පුත් හැරී කුමරු වෙත කිරුළේ හිමිකම ලැබෙන්නේ ඉන් අනතුරුව යි.

හැරී සහ මේගන් ට දරුවන් දෙදෙනෙකු සිටින අතර හැරී කුමරුගෙන් පසු ආචී සහ ලිලිබට් යන එම දරුවන් වෙත කිරුලේ උරුමය හිමිවේ.

චාල්ස් රජුගේ සොහොයුරා වන ඇන්ඩෲ කුමරුට කිරුළේඅයිතිය  හිමිවන්නේ ඉන් පසුවයි.