ලබන 19 වෙනිදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ

September 9, 2022 at 2:06 PM

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 19 වෙනිදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.