රැජිණගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 02කට නිශ්ශබ්ද වෙයි

September 9, 2022 at 10:29 AM

බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කෙරුණා. ඒ අනුව අද සභා වාරය ආරම්භයේදී මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකිනු ලැබුවා.

මහ රැජිණගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.