රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දීම අද

September 8, 2022 at 8:15 AM

රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා පත් වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය ජූලි 22 දා පත්කෙරුණු අතර, රාජ්‍ය අමාත්‍ය වරු පත් කිරීමට නියමිතව තිබුණි.

රාජ්‍ය අමාත්‍ය වරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා වුවද පත් කෙරෙන සංඛ්‍යාව පිලිබඳව නිශ්චිතව වාර්තා නොවේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක් පැවැත්විණ.