සත් වසරක් සැඟවූ ‘පාසල් බස් ‘ තොගයක් ඇමති බන්දුලට හමු වේ.

September 7, 2022 at 2:02 PM

 

මෙරට රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ අසූවක් වසර හතකට පෙර මෙරටට ආනයනය කර තිබේ.

නමුත් මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් තවමත් ඒවා සමාගමේ පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණය තුළ ගාල් කොට තිබ.

බස්රථ වල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මෙම බස් රථ ලබා දීමට සමාගම එකඟතාවය ද පළකර තිබේ.

 

ඒ අනුව මෙම  බස්රථ මෙරටට රැගෙන ආ කාලයේ පැවති විදේශ විනිමය අනුපාතයට බස් රථ ලබා දීමට නියමිතය.

 

එසේම බස් රථ ධාවනයේ යොදවමින් ආදායම් උපයන අතර වසර හතරකින් එම මුදල් ගෙවීමේ පහසුව ලබාදීමටද සමාගම එකගතාවය පලකර තිබේ.

මෙවන් රටට ඉතාමත් වාසිදායක තීරණයකට වුවද බස්රථ මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුව යම් යම් හේතු පදනම් කරගනිමින් මෙම බස් රථ මිලදී ගැනීමට ගැනීම අනුමත කිරීම ප්‍රමාද කිරීම කණගාටුවට කරුණක් බව ප්‍රවාහන අමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

 

හෝමාගම පනාගොඩ පිහිටි අශෝක් ලේලන්ඞ් සමාගමේ මෙරට කර්මාන්ත ශාලාව අද නිරීක්ෂණයකට අද දින නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා  පැවසුවේ

“වසර 7ක් පුරාවට රටට විශාල පාඩුවක් සිදු කරමින් ප්‍රයෝජනයට නොගෙන නතර කර තිබෙන මෙම බස්රථ පාසල් සිසුන්ගේ පහසුව සඳහා ධාවනයේ යෙදවීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව යි”