ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ සහය

September 7, 2022 at 11:07 AM

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරිමට අමෙරිකාව සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාව සහය දෙන බවත්, පැරිස් ක්ලබ් මුලධර්ම වලට අනුකුලව සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකාවේ නියෝජිත ආයතන සමග සම්බන්ධ වී මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට අමෙරිකානු භාණ්ඩාගාරයේ ලේකම්වරයා සඳහන් කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ඇති නිවේදනයේ දැක්වෙන්නේ.