දෙහිවල සත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයෙකු මියයයි

September 6, 2022 at 6:27 PM

දරුණු පිළිකා රෝගයෙන් පිඩා විදිමින් සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු වන “කෙල්ල” නැමැති සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන ව්‍යාඝ්‍ර මව දෙහිවල සත්ව උද්‍යානයේදී ඊයේ මියගොස් ඇති බව එම උද්‍යානය සඳහන් කර සිටිනවා.

මෙම බෙංගාල ව්‍යාඝ්‍ර කොටි මව ඉකුත් මාර්තු 05 වෙනිදා අකිරා, ඩුමා සහ ලියෝ යන නම් වලින් හැඳින්වෙන ව්‍යාඝ්‍ර පැටවූ තිදෙනා බිහි කරනු ලැබුවා.

මෙම ව්‍යාඝ්‍ර මව 2008 වසරේදී චීනයේ Xiangjiang Safari උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබුවා.