ලිට්රෝ සමාගම නව ගෑස් මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

September 5, 2022 at 11:48 AM

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් සහ
කිලෝග්‍රෑම් 2.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 21කින් අඩු කර ඇත.

සෑම මසකම 05 වෙනිදා සිදුකරනු ලබන මිල සුත්‍රය අනුව මෙම නව මිල ගණන් ක්‍රියාත්මක බවයි ලිට්රෝ සමාගම සඳහන් කර සිටින්නේ.