හිටපු ජනපති යලි මව්බිමට පැමිණෙයි

September 3, 2022 at 8:08 AM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

ඉකුත් ජුලි මස 09 වෙනිදා ඇතිවූ මහජන නැගටීමත් සමග ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා ගිය අතර පසුව ජුලි මස 14 වෙනිදා සිංගප්පුරුවට පැමිණීමෙන් පසු ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූවා.