හිටපු ජනපති වෙනුවෙන් වෙනම ආරක්ෂක ඒකකයක්.

September 2, 2022 at 2:17 PM

රටේ පැවැති අරගලකාරී වාතාවරණය හමුවේ පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කරඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි.

ඒ එෆ් පී පුවත් සේවය පවසන්නේ හිටපු ජනාධිපති වරයා හෙට යලි දිවයිනට පැමිණෙන බවයි.

ඔහුගේ ආරක්ෂාව සඳහා කමාන්ඩෝ, පොලිස් සහ හමුදා සාමාජිකයින් ගෙන් සමන්විත ආරක්ෂක ඒකකයක් පිහිටුවා ඇතැයි වාර්තාවන බවද එහි සඳහන් ය.

දැනට දින 90ක වීසා අවසර මත තායිලන්තයේ රැඳීසිටින ගෝඨාභය රාජපක්ෂ මහතා යලි දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බවද එහි දැක්වේ.

ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ ,තවත් සහායකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු එහි රැඳී සිටින අතර එම පිරිසද රාජපක්ෂ මහත සමග පැමිණෙන බව ඒ එෆ් පී පුවත් සේවය පවසයි .