සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

September 2, 2022 at 8:19 AM

ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ 45ක මිල ගණන් වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට අනුව පල්ස් ඔක්සිමිටරයක නව මිල රු. 5,418ක් ලෙස සටහන්ව තිබෙනවා. රුධිර ග්ලුකෝස් මාපයක මිල රු.6,200ක් රුධිර ග්ලුකෝස් මාපක භාවිතා කරන පරීක්ෂණ තීරුවක මිල රු. 112.21ක් ලෙසයි එහි දැක්වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.