ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසෙයි

September 2, 2022 at 6:33 AM

ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය කඩුළු දෙකකින් පරාජය කරමින් ශ්‍රී ලංකාව කණ්ඩායම තරගාවලියේ සුපිරි වටයට පිවිසීමට සමත් වුවා.

තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා වලදී සිදුකළ ප්‍රකාශයන් නිසා මෙය ඉතා උණුසුම්කාරී තරගයක් වූවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවෙන් පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

බංගලදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 183ක් රැස් කර ගනු ලැබුවා. පන්දුවට පහර දීමේදී බංග්ලාදේශ පිලේ මෙහෙදී හසන් ලකුණු 38ක්, හෆිස් හුසේන් ලකුණු 39ක් රැස් කර ගනු ලැබුවා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුළු දෙකක් දවා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු ඕවර 19.2ක් තුලදී කඩුළු 08ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් සහ දසුන් ශානක ලකුණු 45ක් රැස්‌ කරනු ලැබුවා.