මන්ත්‍රීවරුත් ආදායම් හෙළිකළ යුතුයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග

September 2, 2022 at 2:43 PM

 

රාජ්‍ය බදු ආදායම් වැඩිකරගත හැකි ක්‍රමයක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී හෙලිකළේය

“වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් තමන්ගේ ආදායම් හෙළි කරන්නේ නෑ.  මම යෝජනා කරන්නේ හැම ගෙවීමකටම Payment System එකක් හදන්න කියලා.

විද්‍යුත් ක්‍රමයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් ඇති කළ යුතුයි. ඉන්දියාව දැනටමත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. පදික වෙළඳාමේ යෙදෙන සරුවත් විකුණන වෙළෙන්දො පවා ගෙවීම් කරන්නේ QR Code භාවිතයෙන්.

පහුගිය කාලේ System Change ඉල්ලපු ඇතැම් නීතිඥවරු තමන්ගේ ආදායම හෙළි කරනවා ද? (Declare) වෛද්‍යවරු තමන්ගේ නිසි ආදායම හෙළි කරනවා ද? ටියුෂන් ගුරුවරු තම ආදායම හෙළි කරනවා ද? මේ වගේ ක්‍ෂේත්‍ර කීයක කී දෙනෙක් තම ආදායම හෙළි කරනවා ද? මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ව්‍යාපාර කරනවා. මම කියන්නේ මන්ත්‍රීවරුත් තමන්ගේ ආදායම් හෙළි කළ යුතු යි කියලා.

ඒ නිසා ඒ හෙළි නොවන ආදායම් හෙළි කර ගන්න පුළුවන් හොඳම ක්‍රමය සියළුම ගෙවීම් විද්‍යුත් ක්‍රමයකට පරිවර්තනය කිරීමයි. ත්‍රීවිල් රියදුරාගේ සිට ඉහළම පෙළේ සමාගම්වල ප්‍රධානීන්ට ගෙවන ගෙවීම් විද්‍යුත් ක්‍රමයකට ගෙවීම් කළ හැකි නම් රාජ්‍ය බදු ආදායම නිකම්ම වැඩි වෙයි.