ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹේ

September 1, 2022 at 11:03 AM

ශ්‍රී ලංකා බලධාරීන් සමග පැවති සාකච්ජා වලින් අනතුරුව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ප්‍රදානය කිරීමේ කාර්ය මණ්ඩලය එකඟතාවයට එළඹී බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනය කර සිටිනවා.

ආර්ථික ගැලපීම් සහ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති වලට අනුකූලව මාස 48ක කාලයක් සඳහා මෙලෙස අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම ලබාදීම සඳහා එකඟතාවය පළකර ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

” නව විස්තීරණ අරමුදල් පහසුකම තුල ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින්, දූෂණ අවදානම් අවම කරමින් සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සහාය දක්වනු ඇත.