ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF මූලික එකඟතාවකට එළඹෙයි.

August 31, 2022 at 2:39 PM

ශ්‍රීලංකාව සම්බන්ධයෙන් හදිසි ණය පහසුකමක් ලබාදීමේ මූලික ගිවිසුමක් සඳහා ලක් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසන් එකඟතාවකට පැමිණ තිබේ.

රොයිටර් පුවත් සේවය සඳහන් කලේ එම මූලික එකඟතා ලියවිල්ලට හෙට අත්සන් තැබෙනුඇති බවයි.

මේවන විට මෙරට දූත මෙහෙයුමක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රීලංකාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසකි සඳහන් කළේ එම සාකච්ඡා සඳහා තම දූත මෙහෙවර හෙට දිනය දක්වා දීර්ඝ කළ බවයි.

පසුගිය 24 දා මෙරටට පැමිණි එම දූත පිරිස ජනාධිපතිවරයා ,මහබැංකු අධිපති ඇතුළු නියෝජිතයින් සහ විපක්ෂ නායකවරයා ඇතුලු කණ්ඩායම් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය.

එම දූත මෙහෙයුම අද (31) අවසන් වීමට නියමිතව තිබිණ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හෙට මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද මහ බැංකු පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.