පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 12ක් විපක්ෂයට

August 31, 2022 at 10:23 AM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරුන් අද දිනයේ සිට ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබුවා.