පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්

August 31, 2022 at 8:09 AM

සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වියළ් මිරිස්, සීනි, එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති, ගඩොල්, වැලි, වානේ, මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආදිය විකිණීමේදී එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බවට දැනුම් දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.