හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව අධිචෝදනා භාර දෙයි

August 30, 2022 at 10:24 AM

2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදෙනු ලැබුවා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ස.තොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නම් කර තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර නඩු විභාගය ඔක්තෝම්බර් මස21 වනදා පැවැත්වීමටත් දින නියම වුණා