සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

August 30, 2022 at 10:46 AM

2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සිදු වනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ සමාරම්භක කතාව අද පස්වරු 01 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත හෙට සහ ලබන මස 01, 02 යන දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත.